Monday, September 23, 2024

General line - 0115112241

ඔහියේ ගින්නක් – ලෝකාන්තයත් අවධානමේ




බදුල්ලේ තවත් ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ හපුතලේ ඔහිය උඩවීදිය රක්ෂිතයේයි. ගින්න මේ වන විට ලෝකාන්තය දක්වා පැතිර යමින් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවා.

මේ අතර ඉකුත් සඳුදා සිට පැවති බදුල්ලේ වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණය අසල කසළ කන්දේ හටගත් ගින්න පාලනය කිරීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් ගින්න මේ දක්වා සම්පූර්ණයෙන්ම නිවා නැහැ. ගින්න නිවීම ස`දහා තවදුරටත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 2ක් යොදා තිබෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ.