Monday, September 23, 2024

General line - 0115112241

පැය 24න් කැලෑ අක්කර 250ක් විනාශයි




ගත වූ පැය 24 තුළ සිදුවූ ගිනිගැනීම් හේතුවෙන් අක්කර 250කට අධික භූමි ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මොනරාගල මරගල කඳුවැටියේ හා හොරොම්බුව තේක්කවත්ත රක්ෂිතයේ ද මෙම ගිනිගැනීම් හටගෙන තිබුණා. එහිදී විනාශයට පත්වූ බවට සැලකෙන භූමි ප‍්‍රමාණය අක්කර 50ක්.

විල්ගමුව ගොඩඋල්පත ප‍්‍රදේශයේ හටගත් හදිසි ගින්නකින් ද අක්කර 200ක භූමි ප‍්‍රමාණයක් විනාශ වුණා.

මේ අතර විදුලි කාන්දුවක් හේතුවෙන් සෙට්ටිකුලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ හටගත් ගින්න පසුව පාලනය කළා.