Monday, September 23, 2024

General line - 0115112241

නීතීඥයකු නැතුව පොලිසිය සමග නඩු කියා දෙවරක්ම දිනූ ගුරුවරයා




මෝටර් රථ කොමසාරිස් ජෙනරල්වරයාගේ අනුමැතියකින් තොරව කුඩා ප‍්‍රමාණයේ ලොරියක පිටුපස කූඩුවක් සවි කර එම ලොරි රථය ධාවනය කළ බවට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි උපකාරක පංති ගුරුවරයෙකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස පුත්තලම මහේස්ත‍්‍රාත් බන්දුල ගුනරත්න නියෝග කළා.

මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ නිකවැරටිය හීලෝගම නමිමුවැව ලිපිනයේ එමි.බී.අහමඩි ෆාරුක් නැමැති සිංහලෙන් දෙමළ උගන්වන උපකාරක පංති ගුරුවරයෙකි.

මෙම ගුරුවරයා තමන්ට එරෙහිව අධිකරණය හමුෙවි පැවැති නඩුවට කිසිදු නීතිඥයෙකුගේ සහයක් ලබා නොගෙන ඔහු වෙනුවෙන් ඔහුම අධිකරණයට කරුනු දක්වා චෝදනාවන් නිදොස් වී නිදහස් වීම විශේෂ සිද්ධියකි.

සැකකාර ගුරුවරයා නිදොස් කොට නිදහස් කිරිමට නියෝග කරමින් පුත්තලම මහේස්ත‍්‍රාත් බන්දුල ගුනරත්න සිය තීන්දුව මගින් සදහන් කර ඇත්තේ මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වයරාගේ අවසරයකින් තොරව ලොරියක පිටුපස කූඩුවක් සවි කරගෙන එම ලොරි රථය ධාවනය කළ බවට සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණිලි පාර්ශවය අසමත්ව ඇති බවයි.

ඒ අනුව සැකකරු නිදොස් කොට නිදහස් කර මුදා හැරිමට නියෝග කරන බවද මහේස්ත‍්‍රාත්වරයාගේ තීන්දුවේ සදහන්ය.
මෙම නඩුෙවි පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්සිකරුවන් ලෙස නම් කර සිටි සාලියවැව පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරුන් වන (38505) ආර්. එමි. කේ. රණසිංහ සහ (48134) බී.ඩබි.නිශාන්ත රංජිත් ප‍්‍රනාන්දු යන අය අධිකරණ නඩු විභාගයේදි ඇසූ ප‍්‍රශ්න වලට සහ හරස් ප‍්‍රශ්න වලට නීතිඥයෙකු නොමැතිව සැකකාර ගුරුවරයා තර්කානුකූලව අධිකරණයේදී පිලිතුරු දීමත් විත්ති පාර්ශවය වෙනුවෙන් පැමිණිලිකාර පොලිස් නිලධාරින්ගෙන් මෙම සැකකාර ගුරුවරයාම පෙනී සිටිමින් එම පොලිස් නිලධාරීන්ගෙන් තර්කානුකූලව ප‍්‍රශ්න සහ හරස් ප‍්‍රශ්න ඇසීමත් අධිකරණ තුල විශේෂයෙන් කැපී පෙනුණි.

මේ අතර ජංගම දුරකථනයක් භාවිතා කරමින් ලොරි රථයක් පැදවූ බවට පල්ලම පොලිසිය මගින්ද මීට පෙර මෙම සැකකාර ගුරුවරයාටම එරෙහිව පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවිම 67976 දරන අංකය යටතේ පවරා තිබු නඩුවකින්ද කිසිදු නීතිඥ සහයක් ලබා නොගෙන මෙම සැකකරුම තමා වෙනුවෙන් පෙනී සිටි කරුනු දක්වමින් එම නඩුවෙන්ද 2013.10.03 වන දින නිදොස් කොට නිදහස් වී ඇති අතර එයද විශේෂත්වයකි. එම නඩුවෙන් මෙම සැකකාර ගුරුවරයා නිදහස් කර මුදා හැරිමට නියෝග කළේ එවකට පුත්තලම මහේස්ත‍්‍රාත්වරයාව සිටි විනිසුරු රංග දිසානායකයි.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාලියවැව පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන ආර්.එමි.කේ.රණසිංහ සහ නිශාන්ත රංජිත් ප‍්‍රනාන්දු පෙනී සිටි අතර විත්ති පාර්ශවය වෙනෙුවන් මෙම නඩුවේ සැකකරු ලෙස නමි කර සිටි එමි.බී. අහමඩි ෆාරුක් නැමැති ගුරුවරයාම පෙනී සිටියේය.