Monday, September 23, 2024

General line - 0115112241

අනුමත නොකළ ඖෂධ ගෙන්වූ සමාගම් හිමිකරුට වැඩ වරදියි




ඖෂධ නියාමන අධිකාරිය විසින් ශ්‍රි ලංකාවට ගෙන්වීම අනුමත නොකරන ලද තහනම් ඖෂධ වර්ගයක් කූඨ ලේඛන සකස් කරමින් ආනයනය කිරීමට තැත් කිරීම ඇතුළු අධි චොදනා 10 ට වරදකරු වු ඖෂධ ආනයනය කරන සමාගමක හිමිකරුවෙකුට වසර 19 ක සිර දඩුවම් නියම කර එය වසර 10 ට අත්හිටුවීමට කොළඹ මහාධිකරනය අද (12) නියෝග කළා.

එම අත්හිටවූ සිර දඩුවමට අමතරව චෝදනාවලට රුපියල් හයලක්ෂ පනස්දහසක දඩයක් ද නියම කිරීමට මහාධිකරන විනිසුරු පද්මිණී එන්. රණවක ගුණතිලක නියෝග කළ.

මෙලෙස දඩුවම් නියම වූයේ ජුනයිඩීන් අහමඩ් රියාස් නැමැති දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි.

මෙම අපරාධය විත්තිකරු විසින් 1993 වර්ෂයේ සිදු කර ඇති බවට නීතිපතිවරයා මහාධිකරනයේ අධි චෝදනා ගොනු කර තිබුණා.