Saturday, May 11, 2024

General line - 0115112241

‘ලංකාවේ ගෑනු වුණ පිරිමින්ට පොලීසියෙන් නිවනක් නැතිලු‘ – සංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්



ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පොලිසිය නිකරුණේ තාඩන පීඩන සිදු කරන බව සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන සකුණි මායාදුන්න පවසනවා.

පොලිසියේ හිරිහැර නිසා තමන්ට පදිංචි ස්ථාන පවා වෙනස් කරන්නට සිදු වූ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

බිබිසිය සමග සාකච්ඡාවකට එක් වෙමිනුයි ඇය මෙසේ පවසා ඇත්තේ.

‘දවල් වෙලාවක මාව නිකං අත්අඩංගුවට ගත්තා. මගේ ෆෝන් එක ඔෆ් කරලා දාල රෑ දහය වෙනකල් පොලිසිය ඇතුළේ තියා ගත්තා. දහයෙන් පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. රෑ දහයෙන් පස්සේ ලිව්වම තමයි රෑ අයාලේ ගියා කියල දාන්න පුළුවන්. පොලිසියේ නඩු නැත්තන් නිකං අපිව අරන් යන වෙලාවල් තියෙනවා.’

‘මම අඬල කිව්වා මාව පිරිමි ඉන්න කූඩුවට දාන්න එපා කියල. උසාවියට ගෙනිහිල්ලත් මාව දැම්මේ පිරිමි සීයක් විතර ඉන්න කූඩුවට.’

පිරිමින් සමඟ රැඳවුම් කුටිය තුළ සිටිය දී තමන්ට බොහෝ හිරිහැර විඳින්නට සිදු වූ බවද ඇය පවසා තිබෙනවා.

තමාගේ ජීවිතයේ දුක්බර ම දෙය ‘පාසැලින් කොන් වීම’ බවත් ඒ හේතුවෙන් තමන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වීම බව ඇය පවසනවා.

තමන් සමාජයෙන් විඳි දුක් වේදනා අනාගත සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අත් නොවේවා යැයිද සකුණි මායාදුන්න ප්‍රාර්ථනා පවසා තිබේ.