Saturday, May 4, 2024

General line - 0115112241

හොරණ ආයතනයකින් ලක්ෂ 40ක් මංකොල්ල කෑ සිද්ධියට සැකකරුවන් 04ක් අත්අඩංගුවට

    සම්පත් කුලරත්න



හොරණ, සව්ගස් හන්දිය ප්‍රදේශයේ ආයතනයකට පැමිණ තියුණු ආයුධ පෙන්නා රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 04 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප්‍රේල් මස පළවෙනිදා දහවල් කාලයේදී තිරිඟු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයකදී මෙම මුදල් මංකොල්ලය සිදුව තිබුණා.

එම ආයතනයට යතුරු පැදියකින් පැමිණ තියුණු ආයුධ පෙන්වා එහි සිටි සේවකයින් දෙදෙනෙකුද ගැටගසා මුදල් මංකොල්ලකෑ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලීසිය පැවසුවේ.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හොරණ සිදුරංගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බේකරියක හිමිකරුවකු සහ මෙම මංකොල්ලකෑම සඳහා අනුබල දුන් හොරණ අදාළ ආයතනයේ සේවකයෙකුද අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වනවා.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 11ක මුදලක්, යතුරුපැදියක් සහ තියුණු ආයුධ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.