Friday, March 29, 2024

General line - 0115112241

නයිජීරියාවේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මරුට




ගිනිකොනදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් පනස් දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තුවක්කුකරුවන් පිරිසක් දේවස්ථානය පිටත සහ ඇතුළත සිටි බැතිමතුන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම හෝ ඔවුන්ගේ චේතනාව කුමක් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

ප්‍රහාරයෙන් මියගිය පිරිස ගැන මෙතෙක් නිල වාර්තා නිකුත් නොකර ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 50කට වඩා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.