Saturday, June 10, 2023

General line - 0115112241

කොරෝනා රෝගීන් යළිත් වාර්තා වූ ඕස්ට්‍රේලියාව යළිත් ලොක් ඩවුන් වෙයි




කොරෝනා රෝගීන් යළි වාර්තාවීමත් සමග ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දැමීම හෙවත් ලොක් ඩවුන් ක‍්‍රමවේදය යළි පැනවීමට ඔස්ටේ‍්‍රලියාවට සිදුව තිබෙනවා. 

ඒ, වික්ටෝරියා ප‍්‍රාන්තය කේන්‍ද්‍ර කර ගනිමින්. ඊට ආසන්නතම හේතුවි ඇත්තේ මෙල්බර්න් නුවරින් නව ආසාදිතයින් 73 දෙනෙකු හමුවීමත් සමගයි. 

ඒ අනුව අද රාති‍්‍රයේ සිට වික්ටෝරියා ප‍්‍රාන්තය කේන්‍ද්‍ර කර ගනිමින් ලොක් ඩවුන් ක‍්‍රමවේදය යළි පැනවීමට ඔස්ටේ‍්‍රලියාව තීරණය කර ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වනු ඇතැයි පැවසෙන සංඛ්‍යාව ලක්‍ෂ 3 කට අධිකයි.