Saturday, April 20, 2024

General line - 0115112241

රජරට සරසවියේ තවත් පීඨයක් සඳුදා සිට විවෘත වෙයි




ජල හිඟය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය ලබන සඳුදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින එම පීඨයේ සිසුන් 16වන ඉරිදා සවස 6.00ට පෙර සිය නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවයි රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ඒ.එන්.ජී. අබේසිංහ පැවසුවේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ පීඨ 3ක් පසුගිය මස 29 වෙනිදා සිට තවකාලිකව වසා දැමුණා.

විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී අඛණ්ඩව ජලය සැපයීමට ඇති කරගත් එකඟතාවක් මත පීඨ 2ක් පසුගිය සඳුදා යළි විවෘත කෙරුණා.