Thursday, April 25, 2024

General line - 0115112241

අල්ලස් කොමිසමේ නියෝග කඩ කළැයි නාමල්ට නඩු




අල්ලස් කොමිසමේ නියෝග පැහැරහරිමින් කි‍්‍රයා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) චෝදනා පත‍්‍රයක් භාරදුන්නා.

ඒ, අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීයි.

මෙම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරිය මෙම චෝදනා පත‍්‍රය නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා වෙත භාර දී තිබෙනවා.

අල්ලස් කොමිසමේ නියෝග පැහැරහැරීම තුළින් කොමිසමේ අධිකාරී බලයට අපහාස කර ඇති බවටයි පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් පෙන්වා දී ඇත්තේ.

ඊට අදාළ වැඩිදුර විමර්ශනය නොවැම්බර් මස 30 වෙනිදාට කල් තැබුණා.