Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවේ කැලඹිලි නැහැ – ශ‍්‍රීලනිප මහලේකම් කියයි (VIDEO)




අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශය වැරදිකරුවන් බේරාගැනීම සඳහා කළ ප‍්‍රකාශයක් නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

වත්මන් ආණ්ඩුව තුළ කිසිදු කැලඹීමක් නොමැති බවද කුණ්ඩසාලේ ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.

වත්මන් රජයේ රාජකාරිය පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම පමණක් නොවන බවද දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ