Monday, September 23, 2024

General line - 0115112241

‘ජනපතිගේ ප‍්‍රකාශය අගමැතිගේත් ස්ථාවරයයි’ – එජාප මහලේකම් කියයි




අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් දා සිදුකළ ප‍්‍රකාශය ජනාධිපතිවරයාගේ මෙන්ම අග‍්‍රාමාත්‍යවරයාගේ ද ස්ථාවරය වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

කෑගල්ල වට්ටාරම ප‍්‍රදේශයේ අද (14) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

“ඊයේ ජනාධිපතිතුමා අගමැති තුමා සම්බන්ධ විශේෂ හමුවක් තිබුණා. ඒ සාකච්ඡාවට අපිත් සම්බන්ධ වුනා. ජනාධිපතිතුමා කරපු ප‍්‍රකාශ වල විවිධ මත ප‍්‍රකාශ වන නිසා එතුමා පැහැදිලිව කිවා අපි හදපු යහ පාලන ආණ්ඩුව සඳහා ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් ඒ යහපාලනය දිගටම ගෙන යෑම සඳහා මෙ රටේ නිතීයේ ආධිපත්‍ය සියයට සියයක් රකින්නටත් එතුමා සහ අපේ ආණ්ඩුව බැඳී සිටින බව තමයි අගමැතිතුමා ප‍්‍රකාශ කලේ.

එතනදි යම් ප‍්‍රශ්නයක් පැන නැගුණානම් පැන නැගුනේ එක හේතුවක් මතයි. ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙන් කියන්නේ හිටපු හමුදාපති හෝ හමුදාවේ අයෙක් උසාවියට ඉදිරිපත් කරන්නේ නම් ඒ අදාල ආයතනවල අය ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට එය දැනුවත් කළ යුතු බවයි.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ යන දෙන්නාගේම ස්ථාවරය ඒක. ඒ දෙන්නාම දැනුවත් නොවු බවත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉදිරිපත් වන අවස්ථාවේ එහි ප‍්‍රධානින් දෙන්නා දැනුවත් වීම ඒ ආයතනයේ වගකිමක් කියලා විශේෂයෙන් එතුමා ඒ පණිවිඩය දුන්න බවත් එතුමා මතක් කලා”.