Monday, September 23, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශය ගැන සරත් විජේසූරියගේ අප්‍රසාදය




ජනාධිපතිවරයා ඉකුත් දා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙන්ම දේශපාලනඥයින් ද විවිධ අදහස් පළ කළා.

පුරවැසි බලය සංවිධානය අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය සරත් විජේසූරියද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

“FCID නිලධාරීන් තමන්ගේ මරණ සහතිකය අතේ තියාගෙන තමයි මේ සමහර පරීක්ෂණ සිදු කළේ. ඒවා අති සරළ දේවල් නෙමෙයි. මේ රට තමන්ගෙ රට කියලා නීතිය අවභාවිත කරපු ආරක්ෂක ලේකම්වරයාව කැඳවලා , ඔහුගෙන් සාක්ෂි ලබාගැනීමට තරම් නිර්භීතව මේ පරීක්ෂණ කරපු නිලධාරීන්ව ජනාධිපතිවරයා අගේ කරන්නැතුව එක පෑන් පාරෙන් කපා හරිනවා වගේ ඔවුන්ගේ ඒ යෝද ව්‍යායාමය අවප්‍රමාණ කිරීම පිළිබඳව බලවත් ලෙස නීතිගරුක පුරවැසියෙක් ලෙස මම අප්‍රසාදය පළකරනවා”.