Monday, September 23, 2024

General line - 0115112241

ආදිල් බාකිර්ගේ දේහය 16වනදා දිවයිනට




ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අභාවප්‍රාප්ත ආදිල් බාකිර් මාකර්ගේ දේහය ලංඩනයේ සිට හෙට (16) පස්වරු 1ට පමණ දිවයිනට ළඟාවනු ඇති බව වාර්තාවනවා.

පසුව එම දේහය කොළඹ, අංක 34 බුලස් පටුමග පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එන බව කලින් පැවුසුනත්, දේහය ආදාහන කටයුතු සඳහා මුස්ලිම් දේවස්ථානය වෙත රැගෙන යාමට මේ වන විට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඔහු පිළිබඳ අවසන් කටයුතු හෙට (16) දිනයේ පස්වරු 5ට ජාවත්ත මුස්‌ලිම් දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

මිය යන විට ආදිල් බාකිර් මාකර් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළා.