Monday, September 23, 2024

General line - 0115112241

කොස්ගොඩින් හමුවූ පුපුරණ ද්‍රවය ගැන තවදුරටත් විමර්ශන (UPDATE)




කොස්ගොඩ හෑගල්ල ප‍්‍රදේශයේ පාළු ඉඩමකින් සොයා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මුල් වරට තොරතුරු ලබා දුන්නේ ඉඩමේ හිමිකරුවන් විසින්ම බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

ක්ලේමෝ බෝමබයක් සහ ටී පනස් හය පතරොම් 18 ක් ද සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර වුණා.

මේවා මෙම ඉඩමට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන්දැයි තවමත් තොරතුරක් ලැබී නැහැ.


කොස්ගොඩ ගුරුවරියකගේ ඉඩමකින් ක්ලේමෝ බොම්බයක් ඇතුළු අවි තොගයක් සොයාගැනේ!

Oct 15, 2016 @ 12:48

කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් කොස්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.

ක්ලේමෝ බෝම්බයක්, ටී 56 පතරොම් 18ක් සහ එක්ස්ප්ලෝසිව් ග්‍රෑම් 122ක් එහිදී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පොලිස් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හෑගල්ල ප්‍රදේශයේ පාලූ ඉඩමක තිබී මෙම පුපුරණද්‍රව්‍ය සොයා ගෙන තිඛෙනවා.

පුපුරණද්‍රව්‍ය සොයා ගැනුණු ඉඩම ගුරුවරියකට අයත් බවයි පැවසෙන්නේ.

ඊට යාබද ඉඩම පාතාල නායකයෙකු වන සුජී නමැත්තාගේ ඥාතියෙකුට අයත් ඉඩමක් බවයි අනාවරණ වී ඇත්තේ.