Monday, September 23, 2024

General line - 0115112241

නොරොච්චෝලේ නිසා බිඳ වැටුණු විදුලි සැපයුම් යථාවත් කෙරේ (UPDATE)




නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරය අක‍්‍රීය වීම හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම් මේ වනවිට යථාවත් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

අක‍්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය නැවත පණ ගැන්වීම සඳහා ද මේ වනවිට කටයුතු කෙරෙමින් ඇතැයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

නොරොච්චෝලේ බලාගාරය මීට පෙර ද අවස්ථා ගණනාවක දී විවිධ දෝෂවලට ලක් වුණා.


නොරොච්චෝලේ තවමත් අක්‍රීයයි (UPDATE)

Oct 15, 2016 @ 13:33

 

නොරොච්චොලේ බලාගාරය යථා තත්වයට පත් කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටුණු උතුරුමැද සහ උතුරු පළාත්වල විදුලි සැපයුම මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බවයි.

කොත්මලේ බලාගාරයේ සිට අනුරාධපුර ග්‍රීඩ් උපපොළ දක්වා එන විදුලි රැහැන් මාර්ගයේ ඇති වූ දෝෂයක් බලාගාරයේ බිඳ වැටීමට හේතුව වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

===============================================================================================================
නොරොච්චෝලේ බිඳවැටෙයි
Oct 15, 2016 @ 12:32

නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටීමක් සිදුව තිඛෙනවා.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද උදෑසන බලාගාරයේ කටයුතු බිඳවැටුණු බවයි විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිඛෙනවා.