Monday, September 23, 2024

General line - 0115112241

ඇමති නවීන් උක් සේවකයන් සමග සාකච්ඡාවක




උක් පර්යේෂණ ආයතනයේ සේවක ගැටළු සහ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ උක් පර්යේෂණ ආයතනය වෙනුවෙන් භාණ්ඩාගාරය වාර්ෂිකව රුපියල් කෝටි 40 ක් පමණ වැය කරන බවයි.

එහි සේවකයෙකු සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් පනස්හත් දහසක් පමණ බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

සියලු සේවකයින් ඊට සාධාරණයක් ඉටු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

කිසියම් පර්යේෂණයක් දින දෙක තුනකින් අවසන් කළ නොහැකි බව තමන් පිළිගන්නා බව ද එහෙත් හැකි පමණ පර්යේෂණ ඵලදායීව සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසුවා.