Thursday, April 25, 2024

General line - 0115112241

කැන්ගරු සටනට සුදුසු කණ්ඩායම තවම නැහැ




එළැඹෙන ඕස්ටේ‍්‍රලියානු සංචාරය සඳහා සුදුසු කණ්ඩායම මෙතෙක් තෝරාගෙන නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔස්ටේ‍්‍රලියානු අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් හොඳම කණ්ඩායමක් තෝරාගත යුතු බවයි මැතිව්ස් පැවසුවේ. ඒ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදී මාධ්‍ය අමතමින්.

මෙහිදී කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතාද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. එ් , එංගලන්ත සංචාරයේ එක්දින තරගාවලියට තුන්ඉරියව් කී‍්‍රඩක මිලින්ද සිරිවර්ධන එක් නොකිරීම සහ දිගින් දිගටම කී‍්‍රඩකයින් ආබාධවලට ලක්වීම සම්බන්ධයෙන් නැගුණු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.