Saturday, April 27, 2024

General line - 0115112241

“සිංහලේ කොඩිය” පොලීසියෙන් නිදහස් (PHOTOS)




ජාතික කොඩිය විකෘති කර ඇතැයි පවසමින් අත්අඩංගුවට ගැණුනු කොඩි තොගයක් පොලිසිය ඒවායේ හිමිකරුවන් වෙත අද (15) නැවත භාර දී තිබෙනවා. ඒ, කුරුඳුවත්ත පොලිස් ස්ථානයේදීයි.

ඉකුත් පෙබරවාරී මාසයේ දී මෙම කොඩි තොගය කොළඹ නිදහස් චතුරස‍්‍රය ආසන්නයේ දී අත්අඩංගුවට ගැණුනා. ඒවා නැවත භාර ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණ සිටියේ සිංහලේ ජාතික සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක නියෝජිතයින්.

නීතිඥ රුවන්ති කාරියවසම් එහි දී නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. එම හඬපටය පහතින් දැක්වේ

ප‍්‍රශ්නගත කොඩිය සකස් කර ඇත්තේ ජාතික කොඩියේ තැඹිලි සහ කොළ පැහැති තීරු ඉවත් කරමින්. ජාතික කොඩිය ලෙස නොව සිංහලේ කොඩිය ලෙස එය භාවිත කිරීම නීති විරෝධි නොවන බව ද පොලිසිය අද (15) පිළිගත් බවයි සිංහලේ ජාතික සංවිධානය පවසන්නේ.

එහි සභාපති සාලිය ටී. රණවක ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හඬපටය පහතින් දැක්වේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිසියෙන් ද විමසීමක් කළා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ කොඩි තොගය ඒවායේ හිමිකරුවන් වෙත නැවත භාර දුන්නේ ජාතික පොලිස් කොමිසන් සභාවේ දැනුම් දීමක් අනුව බවයි.

sinhale-www-nethnews-lk00001 sinhale-www-nethnews-lk00002 sinhale-www-nethnews-lk00003

sinhale-www-nethnews-lk00001