Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගේ කේන්දරය ගැන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය කියන කතාව




ලබන වසරේ ජනවාරී 27 වනදායින් පසුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වඩාත් දැඩි තීන්දු ගනු ඇතැයි ජෝතිර්වේදිනියක ද වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක ප‍්‍රකාශ කළේයැයි දේශපාලන ක්ෂේත‍්‍රයේ මේ වනවිට රාවයක් පැතිර යනවා.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කළා.

ඇත්තටම ජනාධිපතිතුමාගේ කේන්දරය මම එක සැරයක් බැලුවා එතුමගේ කියලා දන්නේ නැතුව. එතුමගේ කියලා දන්නැතුව බලලා තියෙනවා කියලා රාජිත ඇමතිතුමා තමයි කිවුවේ. ඒ කියන්නේ තොරගන්න දවස්වල

ඒ කොයි කාලේ වගේද ඔබතුමිය ජනාධිපතිතුමාගේ කේන්දරය බැලුවේ ?

ඒ එතුමා ජනාධිපති වෙන්නත් මාස එකහමාරකට කළින්. මම බලලා තියෙනවා කියලා කියන්නෙත් රාජිත ඇමතිතුමයි, එයාගේ පුතයි.

ජනාධිපතිවරයා ලබන වසරේ ජනවාරි 27න් පස්සේ දැඩි තීන්දු ගන්නවැයි කියලා ඔබතුමිය ප්‍රකාශ කළා කියලා මාධ්‍ය වාර්තාවල සඳහන් වෙලා තිබුණා. ඒක ඇත්තක්ද ?

එහෙම මම නම් කිවුවේ නැහැ. බොහෝදුරට එක එක්කෙනා කියනවා මටත් ඇහිලා තියෙනවා. කවදත් ගන්න ඕන තැනේදී දැඩි තීරණ යහපත්ව ගනී. හැබැයි මම දැකපු , මම දන්න කේන්දරය හැටියට ජනතාවට වෙච්ච පොරොන්දු ඒවා කඩකරන එකක් නැහැ. යුක්තිය , සාධාරණය කොතනද ඒ තීන්දු ගනීවී.

එම සංවාදය පහතින් අහන්න