Thursday, May 2, 2024

General line - 0115112241

ෂැඩෝ කැබිනෙට්ටුව පිටුපස කුමන්ත්‍රණයක්! ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් හෙළිකරයි



ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (07) පත්කර ගන්නා ලද ඡායා ඇමති මණ්ඩලය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ප්‍රබලයකු පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයින්ට උපදෙස් දී ඇත්තේ තමා හැර අනෙකුත් මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශ අධීක්ෂණය පවරන ලෙස පමණක් බවත් ඔහු අවධාරණය කළා. ඡායා ඇමති මණ්ඩලය රටේ ජනතාවට විහිළු සපයන්නක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රීවරයෙකු පවා මෙම ඇමති මණ්ඩලයට ඇතුළත් කිරීම නිසාය.

ලොහාන් රත්වත්තේ මහතා මේ සම්බන්ධයෙන් දැනගත් විගස, තමා අදාල තනතුරින් ඉවත් කරනා ලෙස ෆැක්ස් මගින් ඡායා ඇමති මණ්ඩලය සකස් කළ පිරිසට දැනුම් දී තිබෙනවා.