Monday, September 23, 2024

General line - 0115112241

කලාකරුවෝ නව සංගමයක් පිහිටුවති




කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය තහවුරු කිරීම සඳහා නව සංගමයක් පිහිටුවා තිබෙනවා.

ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ්‍ය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, වාණිජ කටයුතු අමාත්‍යංශය සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යංශය එක්වයි.

සමාරම්භක අවස්ථාවට කලාකරුවන් රැසක් ද සහභාගී වී සිටියා.

එහි දී අදහස් දැක් වූ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කියා සිටියේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ ඉතිහාසය පුරාම කොල්ලකෑමකට ලක්ව ඇති බවයි.

බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කර ගැනීම සඳහා කලාකරුවන් එක සංගමයක් යටතේ රැස්වීම සාධනීය පියවරක් බව මෙම අවස්ථාවට සහභාගී වූ ගායන ශිල්පී වික්ටර් රත්නායක පැවසුවා.

ගායන හා රංගන ශිල්පී හර්ෂ බුලත්සිංහල ද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. ඒ, කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතියට ගරු කිරීම සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවට ද ප‍්‍රශංසාව පළ කරමින්.

මෙම උත්සවය පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයි.

kalakarwan