Monday, September 23, 2024

General line - 0115112241

මුවන් මැරූ දෙදෙනෙක් කොටු (PHOTOS)




මුවන් දඩයම් කර මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඒ, හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (17) සවස හම්බන්තොට හැඩිල්ල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදීයී.

අදාළ සැකකරුවන් ගේ නිවෙස් පරික්ෂා කිරීමෙන් අනතුරුව එම නිවෙස්වල අහාර සඳහා සකසා තිබූ මුවමස් සොයා ගැනීමට හැකිවී ඇති අතර තවත් නිවසක් පරික්ෂා කිරීමේදී තවත් මුව මස් තොගයක් හා මුවමස් විකුණා ලබා ගත් රුපියල් අට දහසක (8000) මුදලක් හා දඩයම් කරන ලද මුවෙකුගේ හිස් කබලක් ද මල පුඩු කීපයක්ද වනජීවී නිලධාරීන්ට හමුවී තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී දඩයම් කරන ලද මුවකුගේ හිස හා මුව හමක් හම්බන්තොට යෝජිත අලි කළමණාකරන රක්ෂිත කැළයේ සඟවා තිබිය දී සොයාගැනීමටද වනජීවී නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට හැඩිල්ල පදංචි කරුවන් වන අතර වයස වුරුදු 59 , හා 39 අය බවයි වාර්තාවන්නේ.

arrest-www-nethnews-lk00001 arrest-www-nethnews-lk00002 arrest-www-nethnews-lk00003