Monday, September 23, 2024

General line - 0115112241

වතු කම්කරු වැටුප ගැන තීරණාත්මක සාකච්ඡාවක් පස්වරුවේ




වතු කම්කරු වැටුප් ගැටළුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (18) පැවැත්වෙනවා. කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

වතු හාම්පුතුන්ගේ සංගම් හා වතු කම්කරු වෘත්තීය සමිතිවල නියෝජිතයින් ද මීට සහභාගී වනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අදාළ සාමුහික ගිවිසුම සම්බන්ධයෙන් එහි දී අවසන් එකඟතාවකට එළඹීමට ද නියමිතයි.

සිය දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඉකුත් සමයේ රට පුරා වතු කම්කරුවන් උද්ඝෝෂණවල නිරත වුණා.

කෙසේ වෙතත් වතු හාම්පුතුන් දැනට එකඟ වී තිබෙන්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා වැඩි කිරීමටයි.