Monday, September 23, 2024

General line - 0115112241

සිනමා ශිල්පී දුරකතන නාමාවලිය සඳහා තොරතුරු කැඳවයි




සිනමා ශිල්පී දුරකතන නාමාවලිය සඳහා ජාතික චිත‍්‍රපට සංස්ථාව තොරතුරු කැඳවා තිබෙනවා.

දැනට ප‍්‍රකාශිත නාමාවලියේ තොරතුරු ඇතුළත් ශිල්පීන් ඒවා යාවාත්කාලීන විය යුතු නම් ඒ බව ද, නවක ශිල්පීන් නාමාවලියට ඇතුළත් කළ යුතු සියලු තොරතුරු ද ජාතික චිත‍්‍රපට සංස්ථාවට ලිපියකින් දැනුම් දිය යුතුයි.

කිසියම් ශිල්පියෙකු මෙම දුරකතන නාමාවලියට ඇතුළත් කිරීම සඳහා සලකා බලන නිර්ණායක කිහිපයක් ද ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කිසියම් ශිල්පියෙකු අවම වශයෙන් චිත‍්‍රපට තුනකට දායකත්වය සපයා තිබිය යුතු අතර එයින් එකක් වත් ප‍්‍රදර්ශනය වී තිබිය යුතුයි.

ප‍්‍රදර්ශනය වූ චිත‍්‍රපටයේ නාමාවලියට ශිල්පියාගේ නම ඇතුළත්ව තිබීම ද අනිවාර්ය වනවා.

තොරතුරු භාර ගන්නා අවසන් දිනය ලබන මස 11 වන දිනයි. දුරකතන නාමාවලිය මුද්‍රිතව හා සංයුක්ත තැටියක් ලෙස ලබන වසරේ එළිදක්වනු ඇති.