Monday, September 23, 2024

General line - 0115112241

පාසල් සිසුවියක් ගෙල වැළලාගනී




කංකසන්තුරේ කීරමලේ ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඇයගේ වයස අවුරුදු 15ක්. සිසුවිය කීරමලේ ප‍්‍රදේශයේම පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.

පේ‍්‍රම සබඳතාවක් මත දිවි හානි කරගෙන ඇතැයි මූලික පරීක්ෂණයේදී කරුණු අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කංකසන්තුරේ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.