Monday, September 23, 2024

General line - 0115112241

‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටය හෙට දක්වා නිහඬයි




ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති වාරණය හෙට (20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද (19) තීරණය කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

ප‍්‍රසන්න විතානගේ ඇතුළු වගඋත්තර පාර්ශ්වයට හෙට දිනයේදී වාරණය පිළිබඳ කරුණු දැක්වීමට ද අවස්ථාව ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

ඉකුත් 5 වෙනිදා ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශනය වළක්මින් අද දිනය දක්වා අතුරු තහනම් නියෝගයක් පනවා තිබුණා.

මේ හේතුවෙන් අද (19) උසාවි සංකීර්ණය අසල විරෝධතාවයක්ද පැවැත්වුනා. එය සංවිධාන කර තිබුණේ සිවිල් සංවිධාන නියෝජිතයන් සහ කලා කරුවන් පිරිසක් විසින්. ඔවුන් අවධාරණය කළේ අදාළ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට අවසර ලබාදියයුතු බවයි

14708230_10209446523773550_1162395124819677808_n 14717192_10209446523693548_5154111254625085993_n 14731233_10209446524173560_8137792431896549566_n 14732295_10209446523653547_4323596654475605589_n