Monday, September 23, 2024

General line - 0115112241

දිල්රුක්ෂි ගැන තීන්දුව අගමැති පැමිණීමෙන් පසු




ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අද (19) දිනයේ ද සේවයට වාර්තා කර සිටිනවා.

ඇය ඊයේ (18) දිනයේ ද කොමිසමට පැමිණ රාජකාරී කටයුතුවල යෙදුණු බවයි වාර්තා වුණේ.

මේ අතර ඇයගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව බව රජය පවසනවා.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි.