Monday, September 23, 2024

General line - 0115112241

තිස්ස අත්තනායක රිමාන්ඩ්




එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කූඨ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මතයි.

සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද (19) කැඳවනු ලැබුවා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් තිස්ස අත්තනායකට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.