Monday, September 23, 2024

General line - 0115112241

ඩිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියත් නම් කරයි




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තීරණය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉකුත් 17 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඇය මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළා. කෙසේ වෙතත් එ් වන විට ජනාධිපතිවරයා බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටියා.

මේ අතර අල්ලස් කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සුනේත‍්‍රා ජයසිංහ පත්කර තිබෙනවා. ඇය දැනට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරනු ලබනවා.