Monday, September 23, 2024

General line - 0115112241

ජනපති කලකිරුණ හේතු රාජිත හෙළි කරයි




අග‍්‍රාමාත්‍යවරයා හෝ එක්සත් ජාතික පක්ෂය සමග තමන්ට කිසිදු ගැටලුවක් නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අල්ලස් කොමිසම, FCID සහ CID ය සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (18) කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළ බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා සිදු කළ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මෙලෙස කරුණු පැහැදිලි කළා.

මහා පරිමාණ වංචා සෙවීම වෙනුවට කුඩා සිදුවීම් සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කලකිරීමෙන් සිටි බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

ගෝඨාභය රාජපක්ෂට ඇති පැමිණිල්ල අනුව නඩුව පරාද වන බවත් පැවසුවා. පරාද වෙන පැමිණිල්ලක් ඔහුට එරෙහිව දමා ඇති බවත් ඊට වඩා ප්‍රබල චෝදනා ඔහුට එරෙහිව ඇති බවත් පැවසුවා. ඇවන්ට්ගාඩ් නඩුව ගත් කළ එහි රස පරීක්ෂක වාර්තාවේ ප්‍රතිපලය වුයේ ඇවන්ට්ගාඩ් නැවේ තිබූ ගිනි අවි එකිනෙක ඇතිල්ලීම නිසා ඒවායේ අංක මැකී ඇතැයි යනුවෙන් බවත් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂට අයත් නැතැයි කියූ ඉඩම හා නිවස ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ බැසිල් කවදාවත් ඒ නිවස හා ඉඩම තමන්ට අයිති යැයි කියයිද? යනුවෙනි.  අන්තිමට වටෙන් කැරකි ඇවිත් බැසිල්ම එම නිවස මිලදී ගැනීමට ඉඩ ඇතැයිද ඔහුට නඩු දැමීමට මීට වඩා කාරණා ඇති බවද රාජිත අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට දමා ඇත්තේ කැරම් බෝඩ් ගැන නඩුවක් බවද ඔහුට දමන්නට තිබුණේ එතනෝල් සම්බන්ධ නඩුවක් යැයිද අමාත්‍යවරයා කියා සිටියා.

මේ ආකාරයට දැනට සිදුවන්නේ කුඩා කුඩා දේ ගැන පරීක්ෂණ බවත් මීට වඩා පරීක්ෂණ කිරීමට තරම් දෑ තිබියදී එසේ නොවීම ගැන අමාත්‍යවරයා අප්‍රසාදය පළ කළා. ජනාධිපතිවරයාගේ කලකිරීමට හේතුව එවන් දේ බවත් පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)

අමාත්‍යවරයාගේ කරුණු දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ උණුසුම් තත්වයක් ද ඇති වුණා.

(එම හඬපටය පහතින් අහන්න)