Monday, September 23, 2024

General line - 0115112241

“ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැහැ”




ධුරයෙන් ඉල්ලා අස් වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතු බව එ්කාබද්ධ විපක්ෂය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉල්ලා අස්වීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි. රටට සාමය උදා කළ රණවිරුවන් සම්බන්ධයෙන් ඇය ජාතියෙන් සමාව ගත යුතු බවත් සඳහන් කළා.