Monday, September 23, 2024

General line - 0115112241

රණවිරු පවුල් යළිත් බියෙන් හා සැකයෙන් ලු




රණවිරු පවුල්වල සාමාජිකයන් යළිත් බියෙන් පසුවන කාලසීමාවක් උදා වී ඇතැයි එ්කාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි කොළඹ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී හෙතෙම සඳහන් කළේ “2009 ට පෙර රණවිරු පවුල්වල මව්වරු, බිරින්දෑවරු, දරුවන් තිගැස්සුනේ මොන අසුභ ආරංචිය උතුරු නැගෙනහිරින් ලැබෙනවාද කියලා හිතේ දෙගිඩියාවෙන්. යුද්ධය ඉවර කළාට පස්සෙ ඔවුන්ගේ ඒ බිය තුරන් වෙලා තිබ්බා. හැබැයි දැන් දුරකතන ඇමතුමක් ලැබුණොත් රණවිරු පවුල්වල මව්වරු, බිරින්දෑවරු, දරුවන් තිගැස්සෙන්නේ ඒ සී.අයි.ඩී එකෙන්ද? අල්ලස් කොමිසමෙන්ද? එෆ්.සී.අයි.ඩී එකෙන්ද? කියන හිතේ දෙගිඩියාවෙන්” යනුවෙනි.