Monday, September 23, 2024

General line - 0115112241

සැමියා ගැහුවට සුසන්තිකාට බරපතල තුවාල වෙලා නෑලු




ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහට ඇයගේ සැමියා විසින් සිදු කළ බව කියන පහරදීමට අදාළ නඩුව සමථ මණ්ඩලයට යොමු කිරීමට තීරණය කෙරුණා.

එ් අදාළ නඩුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (20) කැඳවු අවස්ථාවේදියි.

අදාළ පහරදීමෙන් සුසන්තිකා ජයසිංහට බරපතල තුවාල සිදුව නොමැති බවට වූ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. ඉකුත් ජූනි මස 18 වැනිදා වැලිවේරිය ඇඹරළුව ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.