Monday, September 23, 2024

General line - 0115112241

කාලය අවසන් – කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව තවමත් කොට උඩ




ගිවිසුම් අත්සන් කිරීමට ලබාදුන් කාලය අද (20) දහවල් 12.00 න් අවසන් වුවත් මේ දක්වා කිසිඳු කී‍්‍රඩකයෙකු වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව අත්සන් කර නොමැති බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත් නෙත් නිවුස් අද උදැසන කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා පැවසුවේ කී‍්‍රඩකයින් ගිවිසුම් අත්සන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල සමග නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් ඊයේ රාති‍්‍ර පැවත් වූ සාකච්ඡාවේදි වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට එකඟතාව පළ වූ බවයි ඇෂ්ලි ද සිල්වා සඳහන් කළේ. කෙසේ වෙතත් මේ දක්වා ඔවුන් තිදෙනාද වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කර නැහැ.

කිසිදු කී‍්‍රඩකයෙකු වාර්ෂික කොන්ත‍්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් එළැඹෙන සිම්බාවේ සංචාරය සඳහා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පැවති පැරණි ගිවිසුම් සඳහා අලුතින් එකතු කර ඇති කොන්දේසි කිහිපයක් නිසා ගිවිසුම් අත්සන් කිරීම ඔවුන් විසින් ප‍්‍රමාද කළා.

විශේෂයෙන්ම කී‍්‍රඩකයෙකුට හිමි තරග මුදල්වලින් සියයට 10ක ප‍්‍රමාණයක් අදාළ ක‍්‍රීඩකයා විසින් නම් කරන ඔහුගේ ‘‘කළමනාකරු’’ යන තනතුර දරන පුද්ගලයෙකුට ගෙවිය යුතුයි. එය වෘත්තීය කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තුවල පවතින සාමාන්‍ය කොන්දේසියක් වුවත්, මේ දක්වා ශී‍්‍ර ලංකාවේ වෘත්තිය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ගිවිසුමෙහි එය අඩංගු වී තිබුණේ නැහැ.

කී‍්‍රඩකයන්ට නව ගිවිසුම අනුව තරගාවලි සහ දක්ෂතා මත වැඩි දීමනා ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි එය සකස් කර තිබෙනවා. නමුත් පැරණි ගිවිසුමට අනුව තරග ජයග‍්‍රහණය කළත් නොකලත්, අදාළ කී‍්‍රඩකයා දක්ෂතා අතරට පැමිණියත් නැතත්, ඇතැම් විටෙක තරග සංචාරයක් අතරතුර ආබාධයකට ලක්ව සමස්ත තරගාවලියටම ඉන්පසු සහභාගි නොවුණත්, ගිවිසුම් ප‍්‍රකාරව ඔවුන්ට ගෙවිය යුතු සියලු මුදල් ගෙවීමට කි‍්‍රකට් ආයතනය බැඳී සිටියා.

එම කොන්දේසි සංශෝධනය කර ඇති කි‍්‍රකට් ආයතනය අලුතින් හඳුන්වාදී ඇති තරගාවලි සහ දක්ෂතා මත පදනම් වූ දීමනා ක‍්‍රමයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් රැසක් විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ ටෙස්ට් කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුද ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සමග එක් වී කි‍්‍රකට් ආයතනයට එරෙහිව මෙම නව ගිවිසුම හෙළා දකිමින් අදහස් පළ කර ඇතැයිද වාර්තා වුණා.

කෙසේ වෙතත් වයස අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහ දැනට කණ්ඩායමේ සිටින තරුණ සහ නවක කී‍්‍රඩකයන් නව ගිවිසුම කෙරෙහි කිසිඳු විරෝධයක් නොදක්වන බවයි වාර්තා වන්නේ. එහෙත් කණ්ඩායම තුළ දැඩි එ්කාධිකාරියක් ගොඩනගාගෙන සිටින ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඇති බිය හේතුවෙන් කිසිවෙකු මේ පිිළිබඳ ප‍්‍රසිද්ධියේ අදහස් නොදක්වන බවයි කණ්ඩායමේම කනිෂ්ඨ කී‍්‍රඩකයන් ප‍්‍රකාශ කළේ.

කී‍්‍රඩා කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව පළමු කාණ්ඩයට ඇතුළත් වී සිටින එක් කී‍්‍රඩකයෙකුට වසරකට රුපියල් ලක්ෂ 125ක් අනිවාර්ය ස්ථිර දීමනාවක් ලෙස හිමිවනවා. ඊට තරග ජයග‍්‍රාහී මුදල් හෝ පෞද්ගලික දක්ෂතා මත ලැබෙන මුදල් කිසිවක් ඇතුළත් වන්නේද නැහැ. දෙවන කාණ්ඩයට අයත් කී‍්‍රඩකයන්ට රුපියල් ලක්ෂ 80ක් වාර්ෂිකව හිමිවන්නේ ස්ථිර දීමනාවක් ලෙසයි. 3 වන කාණ්ඩයේ කී‍්‍රඩකයන් සඳහාද ස්ථිර ලෙසම වාර්ෂිකව රුපියල් ලක්ෂ 60ක් ගෙවීමට කි‍්‍රකට් ආයතනය බැඳී සිටිනවා.