Monday, September 23, 2024

General line - 0115112241

රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819 ඉක්මවයි




පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණු 2017 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819 ඉක්මවනවා.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 645 ක්. අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 125 ක් වනවා.

ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 28,404ක්ද, සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 16,097ක්ද වෙන්කර තිබෙනවා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 16,340ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 7694 ක් වනවා.