Friday, March 29, 2024

General line - 0115112241

ඩිලාන් ඉන්නේ වැරදි අවබෝධයක- අජිත් පී පෙරේරා




මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප‍්‍රමාද කිරීමේ උත්සහයක් කි‍්‍රයාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ලබන 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබියදී මෙය කි‍්‍රයාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

හිටපු මහබැංකු අධිපතිවරයා නිවැරදි නම් මෙම විවාදය පැවැත්වීමට ඉඩ ලබාදීම මගින් එය ඔප්පු කර පෙන්විය හැකි බවද ඩිලාන් පෙරේරා මෙහිදී සඳහන් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ “හිටපු මහබැංකු අධිපතිවරයා හොරෙක් නෙමෙයි නම්, ඔහු ඔහුගේ බැණාට හොරෙන් උදව් කරලා නෙමෙයි නම් මෙච්චර ලාබයක් උපයා ගත්තේ.. එහෙනම් ඔහුට නිර්දෝෂී වෙන්න මෙම විවාදය තියන්න ඉඩ දෙන්න ඕනේ. යහපාලන ලේබල් ගහගෙන ඒක වලක්වන්න හදන්න එපා.” යනුවෙනි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කෝප් කමිටු සාමාජිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වැරදි අවබෝධයකින් මෙම ප‍්‍රකාශය සිදුකර ඇති බවයි.

ඔහු පවසන්නේ එදිනට විවාද වීමට නියමිතව ඇත්තේ බැඳුම්කර සිදුවීම පිළිබඳ කෝප් වාර්තාවක් නොවන බවයි. ඊට පෙර කෝප් කමිටුව මගින් ආයතන ගණනාවක් පිළිබඳ අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයට භාජනය වීමට නියමිත බවත් පැවසුවා. ඩිලාන් පෙරේරා වැරදි අවබෝධයක හිඳ කටයුතු කරන බවත් පෙන්වා දුන්නා.