Sunday, December 22, 2024

General line - 0115112241

බිම්බෝම්බයක් පිපිරී අයෙක් මරුට




යාපනය කිලාලි ප‍්‍රදේශයේදි අද (23) දහවල් බිම්බෝම්බයක් පිපිරී යාමෙන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

බිම්බෝම්බ ඉවත් නොකළ ප‍්‍රදේශයක් වෙත ඔවුන් ඇතුළු වී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. ඒ දර කැඞීම සඳහායි.

බිම්බෝම්බය පිපිරී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි අයෙක්. තුවාල ලැබු පුද්ගලයා යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර එම ස්ථානයෙන් ඉවතට ගැනීම පවා මේ වන විට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බිම්බෝම්බ ඉවත් නොකර ඇති බැවින් මෙම ප‍්‍රදේශයට ඇතුල් නොවන ලෙස ජනතාව දැනුවත් කර ඇති බවද පොලීසිය සඳහන් කළා.