Thursday, March 28, 2024

General line - 0115112241

කටුනායක වසා දැමීමෙන් අර්බුධයක්




කිසියම් අර්බුදයක් සඳහා විසඳුම් ලබාදීමේ දී යම් යම් ගැටළුකාරී තත්වයන් මතුවිය හැකි බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

නෙත් නිව්ස් සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් කටුනායක අන්තර්ජාතික බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා දැමීමෙන් ද යම් ගැටළුකාරී තත්වයක් මතුවිය හැකි බවයි.

එහෙත් එය දීර්ඝ කාලීන අර්බුදයකට ස්ථීරසාර විසඳුමක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා සමග කළ සංවාදය පහතින් ඇසිය හැකියි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවිස් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරිගෙන් ද විමසීමක් කළා.