Friday, March 29, 2024

General line - 0115112241

සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ් (UPDATE)




අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස 01 වනදා දක්වා අද (24) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, මීගමුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

අද පෙරවරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වූ අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගැණුනා. ඒ, ඉකුත් 2002 වසරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පැවතුණා. එහෙත් එම නඩුව විභාග වූයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාරගේ සහයකයා පැදවූ රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු මියගිය බව පවසමින්.

කෙසේ වෙතත් ඉකුත් දා අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිසියට තවත් පාර්ශවයක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ, අදාළ අනතුර සිදුකර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න විසින් බව පවසමින්. ඊට අදාළව ඔහු අද පෙරවරුවේ නීතිඥවරයෙකු මගින් මීගමුව පොලිසියට භාර වුණා.


සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

Oct 24, 2016 @ 08:47

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගැණුනා. ඒ, අධිකරණය නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි.

ඉකුත් 2002 වසරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් නඩුව විභාග වී තිබෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාරගේ සහයකයා පැදවූ රියෙහි ගැටීමෙන් එම පුද්ගලයා මියගිය බව පවසමින්.

එහෙත් ඉකුත් දා අදාළ නඩුව සම්බන්ධයෙන් පොලිසියට තවත් පාර්ශවයක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ, අදාළ අනතුර සිදුකර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න විසින් බව පවසමින්.

ඊට අදාළව ඔහු අද (24) පෙරවරුවේ නීතිඥවරයෙකු මගින් මීගමුව පොලිසියට භාර වී තිබෙනවා. මේ වනවිට ඔහුගෙන් සිද්ධියට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.