Friday, April 19, 2024

General line - 0115112241

මන්ත‍්‍රී ජයන්ත සමරවීරට ඇප




ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර අද (24) ඇප මත මුදා හැරුණා.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙසයි.

මන්ත‍්‍රීවරයාගේ දියණියගේ රෝගී තත්වයක් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙලෙස ඇප නියම කරන බවයි මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.