Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්




නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවනවා. ඊයේ පස්වරුවේ ඒ මහතා ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද මුණගැසී සාකච්ඡා කළා. දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකෙරුණු බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කර එම ගිවිසුමට එළැඹීමට එකඟතාවක් ද ඇතිකරගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනය ලබාදෙන සහාය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා වැන්ග් යි මහතා වෙත සිය ස්තූතිය පළ කළ බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දකුණු චීන මුහුදේ මතගැටුම් සාමකාමීව විසඳා ගැනීමේ අවශ්‍යතාව ද මංගල සමරවීර මහතා වැන්ග් යි මහතා වෙත පෙන්වා දී තිබෙනවා.