Monday, September 23, 2024

General line - 0115112241

කාන්තා අයිතීන් වෙනුවෙන් මහේල , සංගක්කාර යුරෝපා සංගමය සමග එක්වෙයි




කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය සමග එක්ව තිබෙනවා.

කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් මස 25 වන දින දියත් කෙරෙන “කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු” (Let’s Hit Violence Against Women for Six)යන තේමාව යටතේ, ලංකාවේ කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මහේල සහ කුමාර් සංගක්කාර එක්වී සිටින බවයි යුරෝපා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

කාන්තා හිංසනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා වන තම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තමන් සමග හවුල්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සිය සතුටද පළකර තිබෙනවා.