Monday, September 23, 2024

General line - 0115112241

සජිත්ගේ රැකියා දීමට එරෙහි පැමිණිල්ල කොමිසමට භාර දෙයි




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සජිත් ප්‍රේමදාස සිය පාක්ෂිකයන්ට රැකියා ලබාදෙන ආකාරයේ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජජාල මාධ්‍යවල ප‍්‍රසිද්ධියට පත්ව තිබූණා.

එය රැකියා අල්ලස් දීමක් යැයි ද එයට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා තම සංගමය මෙලෙස පැමිණිලි කළ බව ද සමාජවාදී තරුණ සංගමය මෙහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කළේ “අපි දන්නවා අපේ රටේ ලක‍ෂ 35කට වඩා වැඩි පිරිසක් විරැකියාවෙන් පෙලෙනවා. ඒ නිසා ඒ දුප්පත් අම්මලා තාත්තලාගේ දුවලා පුතාලගේ තිඛෙන වේදනාව මේ ඇමතිවරයා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේක තුළ පැහැදිලි ලෙස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අල්ලස් ලබාදීමක් සිදුවෙලා තියෙනවා. පළමු කාරනය තමයි සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ප්‍රකාශ කරනවා තමන්ගේ අමාත්‍යංශවල තිඛෙන රැකියා තමන් තමයි දෙනේනේ, ඒ වගේම අනිත් අමාත්‍යාංශවල ඉන්න ඇමතිවරු ඒ අයට කැමති පරිදි රැකියා ලබා දෙනවා කියලා. අනිත් ප්‍රශ්නය තමයි මේක තුළ පැහැදිලිව සඳහන් වෙනවා රැකියා ලබාදීම සිදුකරනු ලබන්නේ පෝලිම් බූත්, රැස්වීම්, කවුන්ටින් ගිය අයට පමණයි කියලා. ඒවගේම මෙහි මුදල් ක්‍රියාවලියක් ගැන සඳහන් වෙනවා. ඒ නිසා පැහැදිලි ලෙස මුදල් ගනුදෙනුවක් සිදු වෙලා තියෙනවා.” යනුවෙනි.

1

2

3