Monday, September 23, 2024

General line - 0115112241

හයිවේ අනතුරෙන් යුවලකට බරපතලයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ 53 වැනි කිලෝමීටර් කනුව අසලදී අද (24) සිදු වූ මෝටර් රථ අනතුරකින් යුවලක් තුවාල ලැබුවා.

මෙලෙස අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ජෝර්දාන් ජාතික යුවළක් බවත් ඔවුන්ට බරපතල තුවාල සිදුව ඇති බවත් සඳහන්.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් රැගත් මෝටර් රථය වැලිපැන්න පිවිසුම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වූ බවයි.

මෝටර් රථය පැද වූ ශී‍්‍ර ලාංකිකයෙකුද අනතුරින් තුවාල ලබා තිබෙනවා. ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරුණු තුවාල ලැබූවන් තිදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.