Sunday, September 22, 2024

General line - 0115112241

සරණ වරද පිළිගනී…




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද නඩු දෙකකට වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අද (26) කියා සිටියා. ඒ, එම නඩු දෙක කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේදීයි.

රාජ්‍ය ආයතනයක සභාපතිවරයා ලෙස සිටියදී වසර 2ක් වත්කම් හා බැරකම් ප‍්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට මෙලෙස නඩු පවරා තිබෙනවා. මෙම චෝදනාවට වරදකරු වන්නෙකුට නියම කළ හැකි දඬුවම රුපියල් දහසක දඩයක්. දේශපාලනඥයෙකුට නම් මැතිවරණයකට ඉදිරිපත් වීමට ද එය බාධාවක් වන්නේ නැහැ. අදාළ නඩු ලබන වසරේ ජනවාරි මස 5 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි.