Sunday, September 22, 2024

General line - 0115112241

කඩා බිඳ දැමූ මඩකළපුවේ විහාරස්ථානය මාසයකින් සදනු..! ජාතික හෙළ උරුමය දින දෙයි




මඩකලපුව වාකනේරි ගම්මානයේ කඩා දැමුණු බෞද්ධ විහාරය මාසයක් ඇතුළත පිළිසකර කරන්නැයි ජාතික හෙළ උරුමය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් ඊට එරෙහිව බෞද්ධ ජනතාව පෙළගස්වන බවයි එහි මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ කියා සිටියේ.

උතුරු නැගෙනහිර බෞද්ධ විහාරස්ථානවලට සිදුකෙරෙන හානි පිළිබඳ ආණ්ඩුව නිහඬව සිටීම පිළිබඳව ද මෙහිදී අප‍්‍රසාදය පළ කෙරුණා. පොලිසිය විසින් සිදුකළ බව කියන වෙඩි තැබීමකින් යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු මියයාම පිළිබඳ කඩිනමින් ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය මනෝ ගනේෂන් හෝ මේ පිළිබඳ තවමත් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බවයි නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

උතුරේ කි‍්‍රයාත්මක සැක සහිත කල්ලි කිහිපයක් පිළිබඳව ද ජාතික හෙළ උරුමය මෙහිදී අනාවරණයක් කළා. මෙම සැක සහිත කල්ලි පිළිබඳව ද ආණ්ඩුව වහා සංවේදී විය යුතු බවයි ජාතික හෙළ උරුමය අවධාරණය කළේ.