Sunday, September 22, 2024

General line - 0115112241

සුදු Mic පාර්ලිමේන්තුවට අවුලක් වෙයි




පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224 දෙනාගේ ආසන ඉදිරිපිට මේසයේ සවිකර ඇති මයික්‍රෆෝන වල නව වර්ණය සුදු නිසා පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පෙනුම ඉතාම අවලස්සන වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (26) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මයික්‍රෆෝන වල ඇතිවූ දෝෂ සහගත තත්වය නිසා ඒවා පසුගිය දිනක සම්පුර්ණයෙන්ම අලුත් වැඩියා කළා. එම අලුත්වැඩියාවේදී සියලුම මයික්‍රෆෝන අලුතින් සවිකරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ පොළොව රතු පාට වන අතර මන්ත්‍රී ආසන කළු පැහැ වනවා. එම ආසන වලට ඇති මේස තද දුඹුරු පැහැයෙන් යුක්ත වනවා. මීට පෙර කලින් පැවති මයික්‍රෆෝන තද කළු පැහැයෙන් යුක්ත වුණා. එහෙත් නව මයික්‍රෆෝනය තද සුදුපැහයෙන් යුක්ත වීම ඉතාම අවලස්සන බවයි ඔහු පෙන්වා දුන්නේ.

සුදු වර්ණය මයික්‍රෆෝන සඳහා කිසිසේත් සුදුසු නොවන අතර එය ඇසට ද ඉතා අප්‍රිය සුළු එකක් බව පාර්ලිමේන්තුවේ අද කටයුතු ආරම්භ කිරීමට පෙර ගැලරියේ සිටි මාධ්‍යවේදින්ටද දැක ගත හැකි වුණා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ අදහසට තමන්ද එකඟ බව එම අවස්ථාවේ මුලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ද කියා සිටියා.

”පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සැලසුම් කළ සම්මානනීය වස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා මහතාගේ වර්ණ සංයෝජනයන් පවා නොසලකා හැර මෙම අලුත්වැඩියාව සිදුකර ඇතැයි ද නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මෙහිදී අවධාරණය කළා. මෙම නොගැලපීම පිළිබඳව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද තමාට දැනුම්දුන් බව ද තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සභාවට දැනුම් දුන්නා. අය – වැය විවාදය අතරතුර කිසිවක් කළ නොහැකි බැවින් එය අවසන් වූ වහාම මෙම මයික්‍රෆෝන වෙනස්කිරීම හෝ වර්ණය මාරු කිරීම හෝ සිදු කිරීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම එකඟතාව පළවුණා