Sunday, September 22, 2024

General line - 0115112241

සරසවි සිසුන් දෙදෙනා මියගිය තැන අවටින් පතොරම් කොපුවක් හමු වෙයි (PHOTOS)




යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිසුන් දෙදෙනෙකු ඉකුත් 20 වැනිදා ජිවිතක්ෂයට පත්වු කොක්කුවිල් කුලප්පිට්ටි ප‍්‍රදේශය අවට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හිස් පතොරම් කොපුවක් සොයාගෙන තිබෙනවා.

යාපනය,කොක්කුවිල් පොළ ආසන්න සීමාවේ තිබි අද (26) උදෑසන මෙම හිස් පතොරම් කොපුව සොයාගත් බවයි යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේ.

අදාළ ප‍්‍රදේශයේ සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු වෙනුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන්ද කැඳවා මෙම පරීක්ෂණ සිදු කර තිබෙනවා.

යාපනය පොලිසිය පැවසූවේ ප‍්‍රදේශයේ ආරක්ෂා තරකොට පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවයි.

යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන වසරේ අධ්‍යාපනය ලද යාපනය, අලවේට්ටි, කන්දරෝඩ්ඩෙයි ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්. සුලක්ෂන් නමැති තරුණයෙකු හා කිලිනොච්චිය, ප‍්‍රදේශයේ පදිංචි නඩරාසා ගජන් නමැති 23 හැවිරිදි තරුණයෙකු අදාළ සිදුවීමෙන් ජිවිතක්ෂයට පත්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

student-01 student-02 student-03 student-04student-05 student-06