Sunday, September 22, 2024

General line - 0115112241

බුදුදහමට එරෙහි දෙමළ සංසද පොතට දැඩි විරෝධය




ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ දැඩි සේ දෝෂ දර්ශනයට ලක්කරමින් “බ්‍රිතාන්‍ය දෙමළ සංසඳය” විසින් පළ කර ඇති ග්‍රන්ථය පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිඛෙනවා. මෙම ග්‍රන්ථය පළ කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ නිජ භූමිය තුළ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සහ සංහිඳියාවට බාධා කිරීම” යන තේමාව යටතේයි. මෙම ග්‍රන්ථය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වා තිබීමද විශේෂත්වයක්. මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. එම ග්‍රන්ථය එළිදැක්වීම සිදු කළේද “බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ” මැදිහත්වීමෙන්. එම උත්සවයේ තේමාව වී තිබුණේද බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ ස්මාරක දෙමළ නිජබිම තුළ නැවත ඉදිකරමින් ජාතික අසමගියේ බීජ වපුරු වනවා යනුවෙන්. දෙමළ සංසදය ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ දැඩි ලෙස හඬනගන පිරිසක් බවටයි සැලකෙන්නේ.

images

මෙය බුදු දහමට එරෙහි දිගුකාලීන කුමන්ත්‍රණයක තවත් අවස්ථාවක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ ගැටුම් නිර්මාණය කිරීමෙහිලා මෙවැනි තත්වයෙන් ඔවුන් ඇති කරන බවයි.සිත් බිඳවීම මෙහි තවත් මුලික අරමුණක් වනවා.අද ඇතිවන මෙවැනි තත්වයන් අනාගතයේදී මීටත් වඩා දැඩිව පැමිණීමේ අවදානම අද අප තේරුම් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ රජයේ පාර්ශවයෙනුත් මෙවැනි අවස්ථා සඳහා ඉඩකඩ විවර කරදෙනවා වගේම ඇතැම් අය මේවාට සහයෝගයත් දෙනවා.

da97735e760521771106c5ec07e11677_xl

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන්ද www.nethnews.lk මේ පිළිබඳව විමසා සිටියා.උන් වහන්සේ කියාසිටියේ බ්‍රිතාන්‍ය එදා අපිව යටත් විජිතයක්ව තබාගෙන සිටි සමයේද බෞද්ධ විහාරස්ථාන විනාශ කරනු ලැබූ බවයි.එපමණක් නොවෙයි බෞද්ධ භික්ෂුන් වහන්සේට පහරදීම එලවා දැමීම සහ වෙහෙර විහාර අත්පත්කර ගැනීමද එදා සිදු කළා.ඇත්තටම එදා සංහිඳියාව ආරක්ෂා කරගෙන හිටියේ අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා.අද ඇතිවන තත්වයට කඩිනම් ප්‍රතිචාර නොදැක්වුවහොත් තත්වය මීට වඩා බරපතල වෙන්න පුළුවන්. අනෙක අදත් අපට එරෙහිව විවිධ මුහුණුවරින් එන ඔය වැඩසටහන්වලට බටහිර රටවල් කොහොමත් උදව් කරනවා.ඒ රටවල් ඇත්තටම ශ්‍රී ලංකාව හෝ මේ පාලකයන් සමග අවංක සම්බන්දයක් හෝ සංහිඳියාවක් තියෙනව නම් මේවගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නෑ. ඒ වගේම තමයි රාජ්‍ය නොවන සංවිධාන.ඒ අය මේ රටවල් දෙකේම ඉඳන් තත්වය තවත් භයානක කරනවා.

galaboda-atte-gnanasara

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මේ තත්වය වර්තමාන පසුබිම හමුවේ අනිවාර්යෙන්ම සිදුවන බව තමන් වහන්සේ මීට ටික කලකට ඉහතදී ප්‍රකාශ කිරීමේදී කිසිවෙකුත් එය මායිම් නොකළ බවයි. එමෙන්ම වර්තමානයේ සිදුවන මේ සියලු සිදුවීම් පිළිබඳව දේශීය වශයෙන් හෝ සංවාදයක් ඇති කිරීමට ඉඩ ලබා නොදීම ඉතා අවාසනාවන්ත තත්වයක් වී ඇතැයි ද උන් වහන්සේ කියා සිටියා. දේශීය වශයෙන් එවැනි සංවාදයක් ගොඩනැගීමේ වේදිකාවකට හෝ වර්තමානයේ කිසිදු ඉඩක් නැති වීම කණගාටුවට කරුණක් බව ද පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියා.මේවා නොනවතින අභියෝග බැවින් දැන් කළ යුත්තේ තවත් ප්‍රමාද නොවී ඉතා ප්‍රසිද්ධියේ ඒවා සංවාදයට බදුන් කළයුතු බවයි. එවිට අපි ජාතිවාදීන් යැයි හංවඩු නොගසා එදාට ප්‍රශ්නය පමණක් සාකච්ඡා කරමු.

nishantha-sri-warnasinghe

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත්සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් ද www.nethnews.lk විමසීමක් කළා.ඔහු කියාසිටියේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන නිසා සංහිඳියාව බිඳී යන බවට ගෝලීය දෙමළ සංසදය එල්ලකරන චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.ඇත්ත වශයෙන්ම සිදුවී තිබෙන්නේ උතුරේ බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස දෙමළ බෙදුම්වාදීන් විසින් උදුරාගෙන ඇති බවයි. වෙහෙර විහාරස්ථානවලට පවතින තර්ජන , බුදු පිළිම විනාශ කිරීම සහ භික්ෂුන් වහන්සේට ඇති හිරිහැර හමුවේ බෞද්ධයන්ගේ අයිතීන් උතුරේ දී සහ නැගෙනහිර දී බෙදුම්වාදීන් විසින් විනාශ කර තිබෙනවා.එමනිසා මේ පිලිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් රජය විසින් කඩිනමින් සකස් කොට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් ජාත්‍යන්තරය වෙත නිකුත් කළ යුතුයි.

10620540_10152770471304427_64969275153573145_n

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ දැඩි සේ දෝෂ දර්ශනයට ලක්කරමින් “බ්‍රිතාන්‍ය දෙමළ සංසඳය” විසින් පළ කර ඇති ග්‍රන්ථය පිළිබඳව මේ වන විට එරට ජිවත්වන සිංහල බෞද්ධ ජනතාව ද දැඩි කළකිරීමකට පත්ව සිටින බවයි London හි www.nethnews.lk වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ. අදාළ ග්‍රන්ථයට එරෙහිව ජනතාව එරට ජනතාව දැනුවත් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසඳය ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා. සත්‍ය තත්වය පිලිබඳ දැනුවත් කිරීම් වලට අමතරව තවත් විරෝධතා ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බවයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසඳය www.nethnews.lk වෙත කියා සිටියේ.


අදාළ පොත එළිදැක්වූ අවස්ථාවේ ඡයාරූප

tamil-forum-www-nethnews-lk00001 tamil-forum-www-nethnews-lk00002 tamil-forum-www-nethnews-lk00003

සැබැඳී පුවත් –
බුදු දහමට සහ භික්ෂූන්වහන්සේට දොස්නගන පොතක් ජ් ඇමති කෙනෙකුත් වැඩේ පිටුපස

බුදු දහමට හා භික්ෂූන් වහන්සේට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පොතක්